පෙර දිනවලට සාපේක්ෂව දිවයිනේ නිරිතදිග කොටසේ පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සුළු වැසි තත්ත්වයන් ඇති විය හැකි බවයි.
මේ අතර දිවයින වටා මුහුද් ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස නිකුත් කර තිබූ රතු නිවේදනයද මේ වන විට ඉවත් කර ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කළු, කැලණි, ගිං, නිල්වලා යන ගංඟා සහ අත්තනගලු ඔයේ පහල ප්‍රදේශවල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර, ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට දිනය දක්වා දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර.
නායයෑම් පිළිබඳ අවදානම් පවතින තවත් ප්‍රදේශ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.