විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයක් ක්‍රියාත්මක මොහොතක රුහණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨයේ අවසන් වසරේ සිසුන් නැවත විශ්වවිද්‍යාලය වෙත කැඳවීම හේතුවෙන් ඔවුන් දුෂ්කරතාවන්ට මුහුණපා ඇතැයි වාර්තා වනවා.
පසුගිය මැයි මස 28 වන දින එම පීඨයේ සිසුන් නැවත විශ්වවිද්‍යාලය වෙත කැඳවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබුණේ අවසන් වසරේ විභාග පැවැත්වීම සඳහායි.
එහෙත් මේ වන විට අනධ්‍යයන කාර්ය මණ්ඩල වර්ජනයක් ක්‍රියාත්මක වීම හා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් නේවාසිකාගාර සිසු සිසුවියන් දැඩි ලෙස පිඩාවට පත්ව සිටින බවයි එම සිසුන් පවසන්නේ.
සිසු නේවාසිකාගාරවල ජලය හා ආහාර නොමැති වීම ඉන් ගැටළුවක්.
අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් කිහිපයක විභාග කටයුතු කල් දමා ඇති අතර අනෙකුත් විෂයන් පිළිබඳව කිසිදු තීරණයක් මේ වන තෙක් ගෙන නොමැති බවද රුහණු විශ්වවිද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යා තාක්ෂණ පීඨයේ අවසන් වසරේ සිසුන් පවසනවා.
දුර බැහැර ප්‍රදේශවල සිටින සිසුන් කිහිපදෙනෙකුටම තවමත් විශ්වවිද්‍යාලය වෙත පැමිණීමට නොහැකි වටපිටාවක මෙලෙස අවසන් වසර විභාගයක් පැවැත්වීම අසාධාරණ ක්‍රියාවක් බවටයි සිසුන් චෝදනා කරන්නේ.
විශ්වවිද්‍යාල බලධාරීන් මෙම ගැටලුවලට නිසි පිළිතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් තවදුරටත් පිඩාවට පත්ව සිටින බවද එම සිසුන් පවසනවා.