Tuesday, February 25, 2025

General line - 0115112241

ලාෆ් ගෑස් මිලත් අද මැදියම් රැයේ සිට පහළට



ලාෆ් සමාගමද අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කෙරෙන බවයි එම සමාගම පැවසුවේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,680ක්. 

කිලොා්ග්‍රෑම් 05 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට තීරණය කර ඇත්තේ රුපියල් 65කින්.

ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,477ක් වනවා.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද පෙරවරුවේ නිවේදනය කළා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයන මිල රුපියල් 3,940 සිට 3,790ක් දක්වා අඩු වනවා.

කිලෝග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කෙරෙන අතර ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,522ක්.

කිලෝග්‍රෑම් 02යි දශම තුන ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරෙන්නේ රුපියල් 28කින්.

එහි නව මිල රුපියල් 712ක් වන බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ.