Tuesday, February 25, 2025

General line - 0115112241

ගංවතුරට කැඩුණු මාර්ග හදන්න බිලියන 03ක්



අයහපත් කාලගුණය සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 03ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි. 

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පැවසුවේ ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජනපති ප්‍රමුඛ රජය විසින් රුපියල් බිලියන 12ක ප්‍රතිපාදන යොදවා ඇති බවයි.

එම ප්‍රතිපාදන මගින් ග්‍රාමීය මාර්ග සහ පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඉන් සියයට 65ක පමණ වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.