පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය අඩු වීමත් සමග කළු, කැලණි, ගිං, නිල්වලා යන ගංඟා සහ අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්ත්වයද මේ වන විට අඩු වෙමින් පවතිනවා.
කෙසේවෙතත් කැලණි ගඟේ නාගලගංවීදියේ ජල මට්ටම ඉහළ යාම තවමත් ඇත්තේ අවදානම් තත්ත්වයකයි.
කෙසේවෙතත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ සමස්තයක් ලෙස ගංවතුර පහළ යමින් ඇති තත්ත්වයක් දැන් පෙන්නුම් කරන බවයි.
කළු, ගිං සහ නිල්වලා ගඟේ පැවති මහා ගංවතුර අවදානමද මේ වන විට අඩුවෙමින් පවතිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ආරක්ෂිත ස්ථානවල තවමත් පුද්ගලයින් 9,000කට වැඩි පිරිසක් තාවකාලිකව රඳවා සිටින බවයි.
ගංවතුර පහව ගියද අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.
මේ අතර පෙර දිනවලට සාපේක්ෂව දිවයිනේ නිරිතදිග කොටසේ පැවති තද වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද දිනයේ සිට අපේක්ෂා අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.