Tuesday, February 25, 2025

General line - 0115112241

ගෑස් අඩුවීමෙන් බත්, කොත්තු මිල රුපියල් 25කින් පහළට



ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල රුපියල් 25කින් අඩු කිරීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ.

අනෙකුත් කෙටි ආහාර වර්ගවල මිලද රුපියල් 10කින් අඩු කෙරෙන බවයි සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් තීරණය කළා.

කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කෙරුණු අතර කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කෙරුණේ රුපියල් 160 කින්.