සන්නාම කිහිපයකට සහ ජනප්‍රිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ටික්ටෝක් ගිණුම් කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
මිලියන 10 කට වඩා අනුගාමිකයින් සිටින රියැලිටි රූපවාහිනී තරුවක් වන පැරිස් හිල්ටන්ගේ ටික්ටෝක් ගිණුමද ඒ අතරට අයත්.
එසේම ජනප්‍රිය ප්‍රවෘත්ති නාලිකාවක් වන CNN නාලිකාවටද මෙම ප්‍රහාරයන් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ලොව පුරා මිලියන ගණනක පරිශීලකයින් මේවන විට ටික්ටෝක් මාධ්‍ය පරිශීලනය කරන අතර මෙම ප්‍රහාරය හේතුවෙන් ඔවුන්ගේ ගිණුම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මේ සම්බන්ධයෙන් ටික්ටොක් හිමි චීන සමාගම පැවසුවේ සීමිත ගිණුම් ප්‍රමාණයක් මෙම අවදානමට ලක්ව ඇති බවයි.
එසේම සයිබර් ප්‍රහාරයට ලක් වූ ගිණුම් යථා තත්ත්වයට පත් කිරීමට ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි ටික්ටෝක් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.