ආපදා මරණ 30ක් වාර්තා වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 825කටද අයහපත් කාලගුණය හේතුවෙන් හානි සිදුව ඇති බවයි.
හානියට පත් නිවාස සහ ආපදා සහන වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේද අධික වැසි සම්බන්ධයෙන් කිසිදු අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.
කෙසේවෙතත් දිස්ත්‍රික්ක 08කට පැනවූ නායයෑමේ අනතුරු තවදුරටත් දීර්ඝ කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර ඇත්තේ.