ආර්ථික ඉලක්ක සපුරා ගන්නා අතර තුර 2040 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරා ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවයි.
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී අඩු ආදයම්ලාභී රටවලට සහන ලබා ගැනීම වෙනුවෙන් ලොව දියුණු රටවලට බල කළ යුතු බවත්, යුක්‍රේන යුද්ධයට ඇමෙරිකාව සහ යුරෝපය මේ වසරේ යොදවා තිබෙන මුදල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ කටයුතු සඳහා වසර දෙකකට ප්‍රමාණවත් බවත් ජනාධිපතිවරයා පැවසුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින්.
මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී සහ පරිසරයට අදාළ ශ්‍රී ලංකාවේ වත්මන් කාර්යභාරය සාම්ප්‍රදායික වැඩපිළිවෙළට සීමා කළ නොහැකි බවයි.
එය වඩා ඉදිරියට ගෙන යමින් රටේ ආර්ථික ප්‍රතිපත්තියට මෙන්ම විදේශ ප්‍රතිපත්තියට ද ඇතුළත් කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.