Tuesday, February 25, 2025

General line - 0115112241

මෝදිගේ පත් වීම නිසා ශ්‍රී ලංකාව ඉන්දියාවට යටවෙයිද?



ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට නරේන්ද්‍ර මෝදි යළි පත්වීම, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපානු ඇති බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා ඒකකයේ ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසනවා.

ඔහු සඳහන් කළේ මේ මොහොතේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සිදු කරන ආර්ථිකමය බලපෑම ඉදිරියේදී තවත් දැඩි වනු ඇති බවයි.

භාරතීය ජනතා පක්ෂයේ පසුබැසීම හා විපක්ෂ කොංග්‍රස් පක්ෂයේ නැඟිටීම කුමන බලපෑමක් ඇති කරයිද?

ඉන්දීය මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට හිමි වූයේ ආසන 242ක් පමණයි.

පසුව ඔවුන් තවත් පක්ෂ කිහිපයක සහය ඇතිව පාර්ලිමේන්තුවේ ආසන 295ක බහුතර බලයක් සහිත නව සන්ධාන ආණ්ඩුවක් බිහිකර තිබෙනවා.

කෙසේවෙතත් ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂය ද මෙවර ආසන 231ක් දිනා ගැනීමට සමත් වුණා.