Tuesday, February 25, 2025

General line - 0115112241

විදුලිබල පනත අද පාර්ලිමේන්තුවට



රටේ කතාබහක් ඇති කළ යෝජිත නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධනවලට යටත්වයි. යෝජිත නව විදුලිබල පනත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන, පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අනුමත කර ඇති බවයි පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කෙරුණේ.

එබැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි වනවා. 

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිත විදුලි මණ්ඩල පනත පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අදහස් පළ කළා. මේ, ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරී ඉංජිනේරු රවින්ද්‍රනාත් ප්‍රනාන්දු. 

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ අඩංගු මෙම නව විදුලිබල පනත සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන සියල්ල පිළිගැනීමට ආණ්ඩුව එකඟ වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේ.