Tuesday, February 25, 2025

General line - 0115112241

ජනපති රනිල් ජනපති සටන අරඹයි



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සිය දේශපාලන කාර්යාලය විවෘත කළා. ඒ, කොළඹ මල්පාර ප්‍රදේශයේදීයි.

මෙම කාර්යාලයේ සිට ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නියත ලෙස ජය ගන්නා බවයි. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.