Tuesday, February 25, 2025

General line - 0115112241

ගංවතුරෙන් අහිමි වී ගිය ජීවිත සිහි කරමින් ආශු මාරසිංහ කණගාටුව ප්‍රකාශ කරයි 



පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ අද(2024/06/06) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දැක්වූවා.

''ගංවතුර නිසා පීඩාවට පත් වූ ජනතාව සහ අහිමි වී ගිය ජීවිත සිහිපත් කරමින් මේ වෙලාවේ කණගාටු ප්‍රකාශයට පත් කරනවා. වෙනත් කිසිදා නොමැති ආකාරයට ඉතාම ඉක්මනින් පළමු දිනය තුළදීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වැදිහත් වෙලා ඒ අදාළ  සහන ලබාදීමට පියවර අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා එම ස්ථාන නිරීක්ෂණය කරලා තිබෙන ගැටළු ටික නිවැරදිව හඳුනාගෙන ඒ අදාළ පිළියම් යෙදීමට නිලධාරීන්ට නියෝග නිකුත් කරල තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළත් අපි අදාල ලැබෙන තොරතුරු දිස්ත්‍රික් ලේකම්වරයා හරහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉතාම ඉක්මනින් පියවර ගැනීමට සුදුසු පියවර යෙදුවා. රට ක්‍රමානුකූලව සංවර්ධනය පැත්තෙන් ආර්ථිකය පැත්තෙන් ඉදිරියට යමින් තිබෙන බව ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. ජනතාව කවුද ඇත්තටම වැඩ කරන්නේ කව්ද කයියනායකලා, කවුද බොරුකාරයෝ කියන එක ක්‍රමයෙන් වටහා ගනිමින් ඉන්නවා. වර්තමාන ජනාධිපතිතුමා තමන්ගේ දේශපාලන කාර්යාලය අද කොල්ලූපිටියේදී විවෘත කළා. රටේ ජනාධිපතිවරයා ලෙස රාජ්‍ය පාලනය කරන අතරතුරේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස පසුගිය ඉරිදා පක්ෂයේ කලාප සංවිධායකවරුන් පත් කරලා අද දවසේ දේශපාලන වශයෙන් ඔහුගේ දේශපාලන කාර්යාලය විවෘත කළා. ඒ වගේම සෑම කලාප සංවිධායකවරයෙක් හරහාම  එම කලාප කාර්යාලයක් ආරම්භ කිරීම සිද්ධ කරනවා.

ගම්වල දේශපාලනය කරද්දි අපිට වැටහෙන දෙයක් තමයි ෆේස්බුක් ජනාධිපතිවරු ට සහ මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් තරග  දේශපාලනයට යොදා ගැනීමට උත්සාහ දරමින් ඉන්න බව යි පේනවා. ඒ වගේම එංගලන්තයේ බස් ොදාගෙන තිබෙනවා තමන්ගේ ප්‍රචාරණ කටයුතුවලට කියන එකත් පේන්නට තිබෙනවා. අවසානයේදී ගම තුළ තමන්ට පදනමක් නැහැයි කියන එක ඔවුන් මේ වෙනකොට වටහාගෙන තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය අනුර කුමාර දිසානායකට සහ සජිත් ප්‍රේමදාස මහත්මයාට වෙලාව වෙන් කරලා දීලා ඔවුන්ගේ විවාදය පවත්වන්න සූදානම් කරලා තිබෙනවා. අනුර කුමාර දිසානායක මහත්මයා නම් යහපත් ප්‍රතිචාරයක් දක්වලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස නම් දුරකථනයටවත් ප්‍රතිචාර දක්වන්නේ නැහැයි කියන කාරණය කියනවා. නමුත් පාර්ලිමේන්තුවේ කාලය කා දමමින් අද උදේ වරුවේ සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුළ  අනවශ්‍ය ආකාරයට බාධා කරමින් ඉන්නවා අපි දැක්කා. ඒ වගේම ක්‍රිකට් තරගයක් තුළදී කුමාර දිසානායකගේ ඡායාරූප පෙන්නමින් හැසිරෙන ආකාරය අපි දැක්කා මින් පෙර කිසි දවසක අපි ක්‍රීඩාව තුළ එවැනි දේශපාලන මැදිහත්වීමක් පෙන්වන්නට උත්සාහ කරන ආකාරයක් දැකලා නෑ.මේ පිළිකුල් සහගතව සමාජයක් විදියට අද දවසේ හෙලා දකින බව අප දුටුවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ෆොටෝ එකකුත් අරන් දැන් ක්‍රීඩා තරඟය නරඹන්න ගියොත් ඊට පස්සේ එතනත් වෙන ප්‍රශ්නයක් ඇතිවෙනවා. මේක දැන්ම නැවැත්විය යුතු වෙනවා. එහෙම නැති උනොත් ශ්‍රී ලංකාව විශාල වශයෙන් අප කීර්තියට පත්වීම සිදුවෙනවා. මේ හැමදේම පේන්නට තිබෙන්නේ නැති ජනප්‍රියතාවයක් භුමිය තුළ අනවශ්‍ය ආකාරයට මතු කරන්නට උත්සාහ දරන බවයි. ෆේස්බුක් එක තුළ doom බලකායක් හදලා, ස්විචර්ස් තියෙනවා ගන්න, ඒ එකකට සිම් කාඩ් 525ක් දාලා, වර්චුවල් computer එකක් හදාගෙන, මාලිමාවට ජය වේවා කියලා හැම එකම වැටෙන විදියට හදලා තියෙනවා. ඒක කෘතිමව හදන එකක් කියලා තේරෙනවා. එහෙම නැතිනම් අද දවසේ පළවෙන අදහස් සම්බන්ධව විවිධාකාරයේ අදහස් පළවිය යුතුව තිබෙනවා. එහෙම නැතුව මාලිමාවට ජය වේවා කියන්නේම ඒක විකෘතියක් කියන එක හොඳින් වැටහෙනවා. 

බිම් මට්ටමට ගියාම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ගැන ඉතාම ප්‍රසාදයෙන් ගම් මට්ටමේ ජනතාව කතා කරන බව අපිට පේන්නට තිබෙනවා. එකම විසඳුම ජනාධිපතිවරයා බව පේනවා. එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදියට අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ඔබ වෙනුවෙන් ගම්පහ කියලා ස්වාධීන දේශපාලන කණ්ඩායම්වල  කාර්යාලයක් අපි විවෘත කරලා තිබෙනවා. එවැනි කාර්යාල පනහක් අපි ගම්පහ දිස්ත්‍රික්කය තුළ විවෘත කරන්නට බලාපොරොත්තු වෙනවා.

මේ රටේ ආදායම් වියදම් අතර පරිසර තිබ්බේ 2021 වර්ෂය අවසානයේ රුපියල් සෘණ මිලියන 895ක් කියන එක මතක් කළ යුතුයි. අපිට වැටුප් ගෙවන්නට කෘෂිකර්මාන්තයට ඉන්ධන ලබාදෙන්නට මුදල් තිබුණෙ නෑ. දිවා ආහාරය  ලබාදෙන්න දරුවන්ට පොත් දෙන්න සෞඛ්‍ය වියදම මේ සියල්ලට මුදල් තිබුණෙ නෑ. 2023 වර්ෂය අවසාන වෙද්දී ආදායම් වියදම් අතර පරතරය අතිරික්තයක් වෙලා ධන මිලියන 53 ක් බවට පත්වෙලා තිබෙනවා. ඒ රනිල් වික්‍රම සිංහ  මැතිතුමාගේ ආර්ථික දර්ශනයත් එක්ක සිද්ධ වෙච්ච දෙයක් කියන එක අපි තේරුම් ගෙන තිබෙනවා. ආර්ථිකය හැදෙමින් පවතිනවා. ගමේ සංවර්ධන කටයුතු ආරම්භ වෙනවා. ණය යෝජනා ක්‍රම එනවා.8% පොලියට ව්‍යාපාර කරන්න අවශ්‍ය ණය පහසුකම් ලැබෙනවා. සිංහල අවුරුද්ද හොඳින් සැමරුවා වෙසක් උත්සවය හොඳින් සැමරුවා. පොසොන් උත්සවය හොඳින් සංවිධානය වෙමින් තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා සියලු දෙනාටම එකට එකතුවෙලා ගමනක් යන්න ආරාධනා කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට හෙට උනත් පුළුවන් ජාතික ආණ්ඩුවක් හදලා මේ රටේ ඉදිරියට ගෙනියන්න කියන එක මතක් කරන්නට අවශ්‍යයි. නමුත් අපි දේශපාලන පක්ෂයක් විදියට දේශපාලනය කළ යුතු වෙනවා. එනිසා තමයි දේශපාලන කාර්යාලය ආරම්භ කරන්නේ.
කුහක කොරහේ කිඹුල්ලු දකින ආර්ථික විශේෂඥයින් යැයි කියාගන්නා අය කියන ප්‍රකාශ ගැන අපි ලැජ්ජා විය යුතු වෙනවා. මේ රටේ බඩගින්නේ ඉන්න ජනතාවට අදාළ පරිදි ඒ සහන ලැබෙනවනම් පළමු කාරණය විය යුත්තේ එයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ප්‍රති ව්‍යුහගතකරණය කිරීම සඳහා ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපි ණය ගෙවීම කල් දාගෙන අපේ සංචිත වර්ධනය කරගත යුතු වෙනවා. අපි ව්‍යාපාරයක් කළත් ණය ගෙවා ගන්න බැරිනම් බැංකුවත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි කාලයක් ලබාගන්නවා. සමහර ආර්ථික විශේෂඥයින් කිව්වා ඩොලර් රුපියල් 600 යනවයි කියලා. ඒ විශේෂඥයින් දැන් හොයාගන්නත් නැහැ. ඒ කියපු අයම දැන් මේ ආර්ථිකය ගැනත් ආයෙත් කතා කියනවා. කියන්න තියෙන සභාව තදින් සිනා කියලා තමයි. ප්‍රථමයන් එන්නේ ජනාධිපතිවරණයයි. ජනාධිපතිතුමා කීප වරක්ම මේ ප්‍රකාශය කරලා තිබෙනවා. අයවැය මුදල් වෙන් කරලා තිබෙන්නේ ජනාධිපතිවරණය බවත් එතුමා ප්‍රකාශ කළා. ඔක්තෝම්බර් මාසයේ පළමු හෝ දෙවන සෙනසුරාදා ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 

උදයංග වීරතුංගම දන්නේ නෑ උදයංග වීරතුංග කියන දේවල්. පොහොට්ටුවේ අයත් ඔහු ගැන කියන්නේ ඔහු කියන දේවල් ගැන ඔවුන් දන්නේ නැහැ කියලයි. ප්‍රසන්න ඇමතිතුමා ගැන කතා කරපු දේවල් වලටත් ප්‍රසන්න ඇමතිතුමා නිවැරදි විදිහට උත්තර දීලා තිබුණා. කවුරුන් ඉල්ලීම් කළත් ජනාධිපතිවරයා පැහැදිලිව කියන්නේ ජනාධිපතිවරණය මිස වෙනත් මැතිවරණ නොමැත කියලයි.

භාණ්ඩ මිල අඩුවීමත් සමග සමහර ආපන ශාලා  හිමියන් අඩු කරන්නේ නෑ. ඒ සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරිය මීට වඩා සක්‍රීයව ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම ජනතාවත් ඒ පිළිබඳව දැනුවත් වෙලා නිරන්තරව ඒ සම්බන්ධ අරගල කළ යුතු වෙනවා.''