Tuesday, February 25, 2025

General line - 0115112241

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 18 දෙනෙකු අත්අඩංගුවට



තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 18 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේයි.

බස්නාහිර පළාත් උතුර, බස්නාහිර පළාත් දකුණ, ගාල්ල, කළුතර, කොළඹ සහ මාතර අපරාධ කොට්ඨාසවල විශේෂ පොලිස් කණ්ඩායම් විසින් ඊයේ දිනය තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මෙහෙයුම්වලදී තවත් සැකකරුවන් 17 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.