නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ග්‍රාම සේවා වසම් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල ප්‍රමාණය වැඩි කර දෙන ලෙස ඉල්ලා අත්සන් 25000 කින් යුත් සංදේශයක් සිවිල් සමාජ එකමුතුව විසින් නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිකා කවිසේකර වෙත භාරදී තිබෙනවා.
ඒ, එම සංදේශය ජනාධිපතිවරයා වෙත භාරදෙන ලෙස ඉල්ලමින්.
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ වර්තමානයේදී ජනගහනය වැඩිවීමත් සමඟ වතු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවයන් මනා ලෙස සැපිරීමට තරම් ප්‍රමාණවත් ග්‍රාම සේවා වසම් නොමැති වීමත්, ඒවාට සාපේක්ෂව පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රමාණය සීමා සහිත බවයි එම සංදේශය මඟින් පෙන්වාදී ඇත්තේ.
එබැවින් ග්‍රාම නිලධාරි වසමකට අයත් පවුල් ගණන අඩුකර වතු ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිද්දෙන් ග්‍රාම සේවා වසම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පිහිටුවා දෙන ලෙස එම සංදේශය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.