වවුනියාව, පම්පමඩුව දෙමළ ප්‍රාදේශිය සභාවට අයත් ඉඩමක ළිඳක් තුළ තිබී ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 2,298ක් සොයාගෙන තිබෙනවා.
පුවරසන්කුලම පොලිසිය පැවසූවේ දීර්ඝ කාලයක් සංවර්ධනය නොකළ ප්‍රාදේශීය සභා ඉඩමක පැවති පැරණි ළිඳ පවිත්‍ර කිරීමේදී සේවකයින් පිරිසකට ජීව උණ්ඩ කිහිපයක් හමුව ඇති බවයි.
වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ළිඳ වැඩිදුර පරීක්ෂා කිරීමේදී උණ්ඩ තොගය හමුවී තිබෙනවා.
එලෙස සොයා ගැනුණු ජීව උණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා පුවරසන්කුලම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුවරසන්කුලම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරනවා.