ජූලි මස පළමුවනදා සිට විදුලි බිල අඩුකිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
එම යෝජනාවලිය අනුමැතිය සඳහා හෙට හෝ ලබන සඳුදා මහජන උපයෝගිතා කොමිෂම වෙත ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගෘහස්ත කාණ්ඩයේ විදුලි පාරිභෝකියින්ට වැඩි සහනයක් ලබාදීමට යෝජනා කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර.