දකුණු අප්‍රිකාවේ ක්වාසුලු-නටාල් වෙරළබඩ ප්‍රදේශයේ ඇති වූ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ එම අනතුරෙන් තවත් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
එරට බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අනතුරින් තුවාල ලබා ඇති පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එමෙන්ම ටොනේඩෝව ඇති වූ ප්‍රදේශයට විශාල හානියක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.