Tuesday, February 25, 2025

General line - 0115112241

හිටපු ජනපති මෛත්‍රිපාල නිදහස් කළ රෝයල් පාර්ක් මිනීමරුවාට නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන නීතිවේදියෙකු පහදයි



රෝයල් පාර්ක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිට ජනාධිපති සමාව මත නිදහස් වූ ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවේ පැහැදිලිව දක්වා ඇති බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පවසනවා.

ඒ අනුව දැනට විදෙස්ගතව සිටින බවට එම පුද්ගලයා රාජතාන්ත්‍රික සබඳතා අනුව අත්අඩංගුවට ගෙන ඔහුගේ සිර දඬුවම නැවත ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාර්ක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඊයේ දිනයේදීයි.

ඒ, අනුව හිටපු ජනාධිපතිවරයා විසින් අදාළ විත්තිකරු නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බල රහිත බවත් එම තීන්දුවේ සඳහන්.

ඒ අනුව ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මෙලෙස අදහස් පළකළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.