ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු රෝහලෙන් පලාගොස් තිබෙනවා.
බන්ධනාගාර නියාමක වරයෙකුගේ ආරක්ෂාව යටතේ සිටි එම රැඳවියා වැසිකිළියට ගොස් සිටියදී එලෙස පලාගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගාල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි 35 හැවිරිදි මෙම රැඳවියා ගාල්ල බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.
මත්කුඩු ජාවාරම් කිරිම සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.