පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට තමන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කාරක සභාවේ කටයුතු සිදුකරගෙන යාමට කාර්යාලයක් හෝ තමන්ට නොමැති බවයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
තමන් පසුගිය කාලය තුළදී පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රට වෙනුවෙන් නොබියව තීරණ රැසක් ගත් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එහිදී කියා සිටියා.
පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමන් කටයුතු කරන තෙක් කිසිදු අක්‍රමිකතාවක් සිදු කිරීමට ඉඩ නොතබන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
මේ ඉන් අනතුරුව අදහස් දැක්වූ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත.