Tuesday, February 25, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය සන්තකව සිටි තවත් සැකකරුවන් 770ක් අත්අඩංගුවට



දිවයින පුරා සිදුකළ වැටලීම් 769කදී මත්ද්‍රව්‍ය සන්තකව සිටි තවත් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර සැකකාරියන් 08 දෙනෙකු ද සිටින බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 23 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතයි.

එමෙන්ම තවත් සැකකරුවන් දෙදෙනෙකුගේ වත්කම් විමර්ශනය කරන බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 දෙනෙකු පුනුරුත්තාපනය සඳහා යොමු කිරීමට කටයුතු කරන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.