Tuesday, February 25, 2025

General line - 0115112241

මන්ත්‍රී රෝහිතට තනතුරක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පත්කර තිබෙනවා.

පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා එම තනතුරට පත්කළ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.

පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද රැස්වුණේ එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.