Tuesday, February 25, 2025

General line - 0115112241

සජිත් විවාදයට නොගිය හේතුව නලින් මැති සබයේ දී හෙළි කරයි



ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වීමට නියමිතව තිබූ විවාදයට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් අද අදහස් පළවුණා.

පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය පරිදි එම විවාදය පැවැත්වීමට සූදානම්ව තිබීම හේතුවෙන් විපක්ෂ නායකවරයා ඊට සහභාගී නොවූ බවයි.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මෙලෙස අදහස් පළකළා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදහස් පළකළා.