Tuesday, February 25, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා තීරණාත්මක තරගය හෙට බංග්ලාදේශය සමඟ



ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට උදෑසන 06ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ, ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදීයි.

හෙට දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බවටයි වාර්තා වුණේ. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා 20යි 20 තරග 16ක් පවත්වා ඇති තිබෙනවා.

ඉන් තරග 11කම ජය හිමිකරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීම හේතුවෙන් හෙට බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරගයක් වනවා.