හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් විභාග කිරීම සඳහා පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.
වසන්ත කරන්නාගොඩට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා හෙයින් මෙම පෙත්සම පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පාර්ශවකරුවන් වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා.
ඒ අනුව අදාල ඉල්ලීම සලකා බැලීම සඳහා එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකර ඇති නඩුව බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වසන්ත කරන්නාගොඩ විසින් එම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.