Tuesday, February 25, 2025

General line - 0115112241

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට



ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කර තිබෙනවා.

ඒ, ජුනි මස පළමු වනදා සිට ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වායි.  

2009 අංක 35 දරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.