Tuesday, February 25, 2025

General line - 0115112241

රජයේ සේවකයන්ට මුදල් රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

නිහාල්සිරි ගම්ලත් 



සිදුවූ ආපදා තත්ත්වය හමුවේ රජයේ සේවකයන් ඇතුළු සියලුදෙනා නම්‍යශීලී ලෙස කටයුතු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රජයේ සේවකයන්ගේ ඉදිරිපත් වී ඇති වෘත්තීය ගැටළු විසඳීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවද දැරණියගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පැවසුවා.


පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ ජීවිත පමණක් බේරා ගැනීමට හැකිවූ පිරිස වෙනුවෙන් සහන ලබාදිය යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියා.


ආපදාවට ලක්වුවන්ට සහන සැලසීම සඳහා වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණය ඉහළ දැමීමටද පසුගියදා පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.