Wednesday, February 26, 2025

General line - 0115112241

ශ්‍රිලනිප - නව සන්ධාන මංගල රැළිය  ජනතාවගෙන් පිරි යයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබූ මංගල ජන රැළිය අද (08) දින පස්වරු 2.00 ට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹුනා.

"එක්ව පෙරට - දිනුම රටට" යන තේමාව යටතේ ආරම්භ වූ මෙම ජන රැලිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් සංවිධානය කර තිබුනා.

නව සන්ධාන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග පැවති මංගල ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ජෝන් සෙනවිරත්න, චාමර සම්පත් දසනායක, සූරේන් රාඝවන්, උදයකාන්ත ගුණතිලක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, එස්.එස්. මුසාරෆ්, අලි සබ්‍රි රහීම්, නිමල් පියතිස්ස, ප්‍රමනාත් සී දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල, යන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සහභාගි වී සිටීම විශේෂත්වයක් වෙනවා.

ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකින් යුතු පුූළුල් සන්ධානයක් ගොඩනගන බව සන්ධාන නයකයින් ප්‍රකාශ කර තිබුනා.