Wednesday, February 26, 2025

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි



බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පාළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රිකක්වලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සබරගමු පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු. 


දිවයින වටා මුහුදු ප්‍රදේශයන්හි කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළකළා.