Wednesday, February 26, 2025

General line - 0115112241

වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමේ සූදානමක



ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන් සිය සංගමය මෙතෙක් ලිඛිතව දැනුම් දී නොමැති බව වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පවසනවා.

සිය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරින් කටයුතු නොකලහොත් ඉදිරියේදී සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි එම සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.


එම දුම්රිය රියදුරන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තුන්වන දිනටත් අද ක්‍රියාත්මකයි.

ඒ අනුව අද දිනයේ ද දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.