තාවකාලිකව වසා දැමූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස මේ වනවිට යළි විවෘත කර තිබෙනවා.
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගල් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය එම ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රියේ සම්පූර්ණයෙන් වසාදමා දැමුනා.
ඒ අනුව ඊයේ රාත්‍රී 7.30 සිට අද උදෑසන 06.00 දක්වා එම මාර්ගය එලෙස වසා තැබුණු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.
රථ වාහන ගමනා ගමනයේදී දැඩි විමසිල්ලෙන් ධාවනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.