Wednesday, February 26, 2025

General line - 0115112241

නීති විරෝධී දුම් වැටි තොගයක් සමග  කෝප්‍රල් වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම බිමල්  ජයසිංහ 



තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පනාගොඩ යුද හමුදා කඳවුරේ කෝප්‍රල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා 

දුම් වැටි තොගයක් විකිණීම සඳහා පුද්ගලයකු හෝමාගම වෑකන්ද පාර ප්‍රදේශයට පැමිණ සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පනාගොඩ  හමුදා කඳවුරේ  කෝප්ලවරයෙකු බවත් ඔහුට ඒවා ලබා දුන්නේ එම කඳවුරේම තවත්  කෝප්‍රල් වරයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව එම පුද්ගලයාද අත්අඩංගුවට ගත් බවයි හෝමාගම මූලස්ථාන පොලිසිය සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකාර කොප්‍රල් වරුන් දෙදෙනා වයස අවුරුදු 43 හා 44 පසුවන නොච්චියාගම මාරගහ වැව හා  නිට්ටමුව කල්එළිය පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් සමග දුම්වැටි 600 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා 

සැකකරුවන් දෙදෙනා සහ නීති විරෝධී දුම් වැටි තොගය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය