සිය ඉල්ලීම්වලට වගකිව යුතු බලධාරින් නිසි ප්‍රතිචාර ලබා නොදුන්නොත් හෙට දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගය තීවෘ කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පසුගිය දින කිහිපට සාපේක්ෂව හෙට දිනයේ දුම්රිය විශාල ප්‍රමාණයක් ස්ථීරවම අවලංගු වන බවයි.
දුම්රිය රියදුරන් පිරිසක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ මේ දක්වා කාලය තුළ දුම්රිය ගමන් වාර 48ක් පමණ අවලංගුවී තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ රියදුරන් පිරිසක් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන්නේ පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී 12 සිටයි.
ඒ අනුව ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 30ක් අවලංගු වුණා.
සිය ගැටළුවලට විසදුම් ලබාදෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගයේ අඛණ්ඩව නිරත වන බවයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.