Wednesday, February 26, 2025

General line - 0115112241

යළි දිවුරුම් දුන් මෝදි



ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි  ජනාධිපතිනි දෘපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හිදී අද  ධුරයේ දිවුරුම් දුන්නා.

දිවුරුම් දීමේ උත්සවයට පෙර අගමැති මෝදි රාජ්ගාට් හි පිහිටි මහත්මා ගාන්ධි පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කළ අතර ජාතික යුද ස්මාරකය වෙත ද පුෂ්පෝපහාර දැක්විය 

දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලොව පුරා නායකයන් රැසක් උත්සවයට සහභාගී වී සිටියා 

නරේන්ද්‍ර මෝදිගේ නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 30 කට ආසන්න පිරිසක්ද අද දිවුරුම් දීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 

නරේන්ද්‍ර මෝදි, නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ආසන 293ක් ලබා ඉන්දීය මහමැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමඟ තුන්වන වරටත් ඉන්දීය අගමැතිවරයා ලෙස තේරී පත්වුණා.