සිය ඉල්ලීම්වලට වගකිව යුතු බලධාරින් නිසි ප්‍රතිචාර ලබා නොදුන්නොත් අද දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය පවසනවා.
ඒ අනුව පසුගිය දින කිහිපයට සාපේක්ෂව අද දිනයේ ද දුම්රිය ගමන් වාර රැසක් ස්ථීරවම අවලංගු වන බවයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.
කෙසේවෙතත් අද දිනයේ විශේෂ කාලසටහනක් යටතේ වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනයට කිරිමට කටයුතු කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි වී එස් පොල්වත්තගේ පැවසුවා.
සේවක පුරප්පාඩු හමුවේ බාධාවකින් තොරව දුම්රිය ධාවනය කිරීම සඳහා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර දුම්රිය රියදුරන් පිරිසකගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතා වළක්වාලීම සඳහා හැකි උපරිම ආකාරයෙන් බස් රථ ප්‍රමාණයක් අද දිනයේ ධාවනයට එක් කර ඇති බවයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ.