Thursday, April 17, 2025

General line - 0115112241

පැති බැම්මක කොටසක් කඩා වැටී බිළිඳෙකු මරුට



ඕමන්ත, පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක බිත්ති බැම්මක කොටසක්  කඩා වැටීමෙන් බිළිඳෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 02ක බිළිඳෙක් බවයි පොලීසිය පැවසුවේ.

නිවසේ සාලයෙහි බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් එලෙස කඩා වැටී  තිබෙනවා.

එහිදී තුවාල ලැබූ බිළිඳා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි ඕමන්ත පොලීසිය පැවසුවේ.