Wednesday, February 26, 2025

General line - 0115112241

ජනාධිපති බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා සහ ආචාර්ය එස්. ජයශංකර් හමුවෙයි 



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංගලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය අතර හමුවක් අද  නවදිල්ලි නුවරදී පවත්වා තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ශෙයික් හසීනා මහත්මිය ඊයේ නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් වෙත පැමිණ තිබුනා.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක්ද  මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවරදී පැවැත්විණි