Wednesday, February 26, 2025

General line - 0115112241

වාද්දුව වෙරලේ සැක සහිත මළසිරුරක්



වාද්දුව, පොහද්දරමුල්ල වෙරලේ තිබී නාඳුනන මළසිරුරක් හමුවී තිබෙනවා.

ඇදසිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක කරන බවයි වාද්දුව පොලිසිය පවසන්නේ.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි වාද්දුව පොලිසිය සඳහන් කර සිටියේ.

නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇද සිටින පුද්ගලයා වයස අවුරුදු 40 - 45 ත් අතර වියේ  පසුවන අයෙකු බවට පොලිසිය සැක පල කරනු ලබනවා.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණීමට නියමිතව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.