Wednesday, February 26, 2025

General line - 0115112241

දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවාහන බලධාරීන් අතර සාකච්ඡාවක්

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්



රියදුරන් පිරිසකගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අද පෙරවරුවේද දුම්රිය ගමන් වාර 40කට වැඩි ප්‍රමාණයක් අවලංගු වී තිබෙනවා.

මේ හේතුවෙන් අද දිනයේද  තමන් පීඩාවට පත් වූ බවයි නෙත් නිවුස් ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකදී මගීන් පැවසුවේ. 


මේ අතර ප්‍රවාහන අමාත්‍යවරයා, බලධාරීන් සහ වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් මධ්‍යහ්න 12ට ආරම්භ වීමට නියමිතව තිබුණා.

ඒ, ප්‍රවාහන අමාත්‍යංශයේදීයි. එම සැකච්ඡාවට සහභාගී වන බවයි ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ලේකම් එස් ආර් සී එම් සේනානායක පැවසුවේ.