Wednesday, February 26, 2025

General line - 0115112241

හිඟ බදු මුදල් අය කර ගැනීමට ගත යුතු පියවර කවරේද? සියඹලාපිටියගෙන් ළඟදීම වාර්තාවක් මැති සබයට

නිහාල්සිරි ගම්ලත්



හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා ගත යුතු පියවර කවරේද යන්න පිළිබඳ සාරාංශ වාර්තාවක් තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රුපියල් බිලියන 1000 ඉක්මවූ හිඟ බදු මුදලක් රජයට අයවිය යුතු බවයි. 


ඇතැම් පාර්ශව වසර 25ක සිට හිඟ බදු මුදල් ගෙවා නොමැති බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසුවා.