Wednesday, February 26, 2025

General line - 0115112241

ජනපති රනිල්ගෙන් මෝදිට ආරාධනයක්



අග්‍රාමාත්‍ය ධූරයේ යළි දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට ජනාධිපතිවරයා එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අතර නවදිල්ලි නුවරදී අද පැවති හමුවකදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. 

මේ අතර ඉන්දීය ආයෝජන මත මෙරට ආරම්භ කර, අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ එම හමුවේදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

අදාළ කටයුතු සොයා බැලීමට නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවද ආචාර්ය එස් ජයශංකර් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යේෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අතර එහිදී අදහස් හුවමාරු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.