Wednesday, February 26, 2025

General line - 0115112241

හලාවත සිදුකළ හදිසි කැණීමකදී පැරණි උමඟක නටඹුන් මතුවෙයි



හලාවත, ජේමිස් වීදියේ සිදු කරන ලද හදිසි කැණීමකදී පැරණි උමඟක නටඹුන් හමුවී තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් නඩත්තු කටයුත්තක් සදහා එලෙස හදිසි කැනීමක් සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එහිදී උමග සදහා යොදා ගත් බව කියන ගඩොල් බිත්තියක කොටසක්ද කැණීම් කරන ලද ස්ථානයේ ඉතාමත්ම පැහැදිලිව නිරීක්‍ෂණය වී තිබෙනවා.

වත්මන් හලාවත දිසා අධිකරණය පවත්වා ගෙන යන ගොඩනැගිල්ල ලන්දේසි යුගයේදී සිර මැදිරියක් ලෙස භාවිතා කර ඇති බවටයි පැවසෙන්නේ.  

එම සිර මැදිරියේ සිට හලාවත වරාය දක්වා රහස් උමගක් තිබූ බවට පුරා විද්‍යාත්මක සටහන් ඇතැයි පුරා විද්‍යා සහ ඉතිහාසය පිළිබදව ගවේෂකයෙකු වන ඩේවිඩ් ගයාන් ඉන්දික පවසනවා.

මීට පෙර ස්ථාන කීපයකදීම මෙම උමගේ කොටස් හමුවී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් කැණීමක් සිදු කර නොමැති බවද ඔහු කියාසිටියා