Wednesday, February 26, 2025

General line - 0115112241

හම්බේගමුව වැව් රක්ෂිතයේ ගංජා හේන් සොයා ඩ්‍රෝණ මෙහෙයුමක්

රාහුල සමන් හෙට්ටිආරච්චි



හම්බේගමුව පොලිස් වසමේ කරපිංචලන්ද හම්බේගමුව වැව් රක්ෂිතයේ සූක්ෂම වගා කරන ලද මහා පරිමාන ගංජා වගාවන් දෙකක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ උඩවලව කඳවුරේ නිලධාරින් සමත්වී තිබෙනවා.

එම විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇත්තේ ඩ්‍රෝණ යානා උපයෝගි කරගනිමින්.  

එහිදී එක් ගංජා හේනක තිබී තවාන් කර තිබූ ගංජා පැල 18,000ට අධික ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් ස්ථානයේ තිබී ගංජා ගස් 6,725ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සාම්පල් ලෙස ගංජා ගස් 20ක් හම්බේගමුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද විශේෂ කාර්ය බලකාය පැවසුවා.

අනෙක් ගංජා පැල එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කිරීමට කටයුතු කළ බවයි පොලිස් විශේෂ කර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.