Wednesday, February 26, 2025

General line - 0115112241

සජිත් යාපනයේදී දෙමළ සන්ධාන නායකයින් සමඟ සාකච්ඡාවක

දිනසේන රතුගමගේ - මාධව කුලසූරිය



උතුරේ සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකින් සමඟ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය කිසියම් අපේක්ෂකයෙකුට සහය ලබාදෙන අකාරය සහ ඔවුන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේද යනු කරුණු සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළා. 

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේදී පැවැති එම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම් එස් සුමන්දිරන්, උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී වී කේ සිවඥාණම් ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

විපක්ෂ නායකවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එම සාකච්ඡාවට එක්ව ඇති බවද වාර්තා වුණා.