Wednesday, February 26, 2025

General line - 0115112241

හොරගොල්ලේ වෙඩි තැබීමක්

දමිත් තිසර



නිට්ටඹුව, හොරගොල්ල ප්‍රදේශයේ අද පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නිට්ටඹුව පොලිසිය පැවසුවේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හොරගොල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හොරගොල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුළු වූ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

පතරොම් තුවක්කුවකින් එම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවද පොලිසිය වැඩිදුරටත්  සඳහන් කළා.