දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශිවමෝහන්ගේ මෝටර් රථය මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේ තලංගුඩා ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා මඩකලපුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.
වෛද්‍යවරයෙකු සහ වවුනියාවේ පෞද්ගලික රෝහලක හිමිකරුවකු වන හිටපු මන්ත්‍රීවරයා සමග අනතුර සිදුවන විට පුද්ගලයින් හතර දෙනෙකු එම වාහනයේ ගමන් කොට තිබෙනවා.
අධික වේගය හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගය අසල වූ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි කාත්තන්කුඩි පොලීසිය පවසන්නේ. වාහනය විදුලි කණුවේ ගැටීමෙන් පසුව විදුලි කණුව කැබලිවලට කැඩී වාහනය මතට කඩා වැටීම නිසා වාහනයේ බද දෙකට ඉරී ගොස් ඇති බවද කාත්තන්කුඩි පොලීසිය වැඩිදුරටත් පැවසුවා.