Wednesday, February 26, 2025

General line - 0115112241

නව සොයාගැනීම් සිදු කරන සරසවි පරීක්ෂණ ඇණහිටී



විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දින 42ක් ගතවුවද මේ දක්වා ඊට නිසි විසඳුමක් ලැබී නැහැ.

වෘත්තීය සමිති පවසන්නේ නවක සිසුන් බඳවා ගැනීමේ සිට විභාග අවලංගු වීම දක්වා විශ්වවිද්‍යාල පද්ධතියේ වැදගත් කටයුතු ගණනාවක් මේ වන විටත් ඇණහිට ඇති බවයි.

නව සොයාගැනීම් සිදු කරන පර්යේෂණද සැලකිය යුතු මට්ටමකින් අඩපණ වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා පැවසුවා.


වැටුප් විෂමතා ගැටලු මුල් කර ගනිමින් අද පස්වරුවේ විරෝධතා ව්‍යාපාරවල නිරත වන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.


මේ අතර අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ද තීරණය කර ඇත්තේ. 

එමෙන්ම 2025 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියට බඳවා ගත් මාර්ග නඩත්තු අනියම් සේවකයින් මෙතෙක් ස්ථිර නොකිරීමට විරෝධය පළ කරමින් අද දිනයේ විරෝධතාවක්ද සංවිධාන කර තිබෙනවා.