ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය යළි ලබන 19 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළා.
ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු කර තිබූ එම නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.
මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් මෙම නඩුකරය ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසයි.
කෙසේවෙතත් මෙම පැමිණිල්ල ලබන 19 වනදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින තෙක් මෛත්‍රිපාල සිරිසේන මහතා සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන ලෙසයි නියෝග කර ඇත්තේ.