Saturday, March 29, 2025

General line - 0115112241

ලිංගික අඩන්තේට්ටම්, අපරාධයක් බවට පත් කරමින් නව නීතියක්



පොදු ස්ථානවලදී සිදු වන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිත බවයි.